
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද (05) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශූරතාව සඳහා ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එකිනෙකාට මුහුණ දෙයි.
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර, ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. ඔවුන් මේ දක්වා අවස්ථා 6කදී ශූරියන් බවට පත්ව තිබේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම එක් වරක් පමණක් ලෝක කුසලානය ජයගෙන ඇති අතර, එම ජයග්‍රහණය ද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීම වාර්තා කිරීම විශේෂත්වයකි. එමෙන්ම එංගලන්තය අවස්ථා තුනකදී අනුශූරියන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාව එක් වරක් අනුශූරියන් බවට පත්ව ඇත.
මෙම කණ්ඩායම් දෙකට අමතරව කාන්තා T20 ලෝක කුසලානය දිනාගෙන ඇත්තේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණි.
අද පැවැත්වෙන අවසන් තරගයට ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය දෙපිළම මූලික වටයේ සියලු තරග අපරාජිතව ජයගෙන සුදුසුකම් ලබා තිබීමත් මෙම අවසන් සටනේ තවත් සුවිශේෂීත්වයකි.



