අධ්‍යාපන

හ/ලබුහේන්ගොඩ විද්‍යාලය වලස්මුල්ල අධ්‍යාපන කලාපයෙන් අංක 01 ට එයි.

/ලබුහේන්ගොඩ විද්‍යාලය වලස්මුල්ල අධ්‍යාපන කලාපයෙන් අංක 01 ට එයි.

මෙවර (2026) ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට විශේෂ තැනක් හිමිව තිබේ.

එවන් වටපිටාවක වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ අවම පහසුකම් සහ දැඩි දුෂ්කරතා මැද ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසලක දරුවන් පිරිසක් මෙවර ශිෂ්‍යත්ව විභාහගයෙන් වාර්තාගත ප්‍රතිඵලයක් හිමි කරගෙන ඇත.

ඒ රත්නපුර දිස්ත්‍රික් මායිමට ආසන්නව  හම්බන්තොට දිස්ත්‍රික් මායිමේ අවසන්  පාසල ලෙස පිහිටා ඇති හ/ලබුහේන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයයි.

එම විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.ඩී දනුජ දිනාද පසන්දුල් සිසුවා වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත.

මෙම ජයග්‍රහණය ලබුහේන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඉතිහාසයේ ප්‍රථමවතාවට මිහිකරගෙන තිබීමද විශේෂත්වයකි.

තවද මෙවර විභාගය සඳහා එම විද්‍යාලයෙන් සිසුන් 23 දෙනෙකු පෙනීසිට ඇති අතර, ඉන් 06 දෙනෙකු කඩයිම් ලකුණු අභිබවා යමින් ඉහලින්ම සමත්ව තිබේ.

මෙහිදී එම විද්‍යාලයෙන් පෙනී සිටි මුළු සිසුන් 23 දෙනාම ලකුණු 80ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් සමත්වීමේ අවම ලකුණ වන 70 ඉක්මවා යමින් සමත් ප්‍රතිශතය 100%ක් වීමද විශේෂත්වයකි.

මේ පිළිබදව එම විද්‍යාලයේ විදුහල්පති ගාමිණී මහතාගෙන් අප විමසීමක් කළා.

එහිදී ඒ මහතා කියා සිටියේ, අඩු පහසුකම් සහ දැඩි දුෂ්කරතා මැද ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසලක් වන අප විද්‍යාලය මෙම ජයග්‍රහණය ලැබීම ගැන විදුහල්පතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවත්, එහි ගෞරවය කැපවීම් කළ ගුරුභවතුන්, දරුවන් සහ දෙමාපියන්ට හිමි විය යුතු බවයි.

තවද විදුහල්පතිවරයා කියා සිටියේ, අප පාසල අඩු පහසුකම් සහ දැඩි දුෂ්කරතා මැද  පවත්වා ගෙන යන බැවින්, ගමේ බොහෝ දරුවන් වැඩි පහසුකම් සහිත වෙනත් පාසල් වෙත ඇදී යන බවයි.

එලෙස අප පාසල මඟහැර ගමේ දරුවන් වෙනත් පාසල් වෙත ගිය ද ඉතිරි වන දරුවන් දක්ෂතා සහ හැකියාවලින් පිරිපුන් දරුවන් පිරිසක් නිර්මාණය කිරීම තමත් සහ ගුරුමණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය භාරය බවයි විදුහල්පතිවරයා කියා සිටියේ. 

මෙවර වලස්මුල්ල කලාපයේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණ තම පාසලට හිමිවීම තම වෘත්තීය ජිවිතයේ සතුටුම අවස්ථාවක් බවත්, තවත් ජයග්‍රහණ රැසක් ඉතිහාසයේ දරුවන් පාසලට අත්කර දී ඇති බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ඉතිහාසයේ ජාතික මට්ටමින් ලබාගත් ජයග්‍රහණ අතර කථික, නිවේදන ක්‍රීඩා,චිත්‍ර,නැටුම් ,සංගීතය සහ තවත් අංශයන් රැසක් පවතින බවයි විදුහල්පතිවරයා අපසමඟ  කියා සිටියේ.

කැලේ පිපුණු මල් කැලයටම පරවෙන්නට නොදී හෙට ලෝකයට ගැලපෙන දක්ෂ තරඟකාරී දරුවන් පිරිසක් නිර්මාණය කරන  බොහෝ අයගේ නෙත නොගැටුණු, දකුණේ කොනක පිහිටා ඇති ලබුහේන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය ගැනත් අධ්‍යාපන ක්ෂේ්‍ත්‍රයේ වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ   අවධානය මීට වඩා යොමුවන වානම් හෙට ලෝකය තවත් කොච්චරනම් සුන්දර වෙයි ද?

ලස්සන වෙයිද?

මෙවන් දැඩි දුෂ්කරතා සහ බාධක මැද වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු(185) ලබාගත් එස්.ඩී දනුජ දිනාද පසන්දුල් සිසුවා ඇතුළු අනෙකුත් සියලුම සිසුන්ටත්, විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්යය මණ්ඩලයට සහ දෙමාපියන්ටත් අපේ උණුසුම් සුබ පැතුම්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button