
ඩොලර් මිලියන 2.5 සිද්ධියට සම්බන්ධ වැඩ තහනම් නිලධාරියෙකු සියදිවි නසාගනී
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටි නිලධාරීන් සිව්දෙනාගෙන් එක් අයෙකු වන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේ පිටුපස කොටසේදී තියුණු ආයුධයක් භාවිත කරමින් මෙම ක්‍රියාව සිදුකරගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රංග නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබූ නමුත්, එම අවස්ථා දෙකේදීම ඔහු පැමිණ නොසිටි බව වාර්තා වේ.
රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකුද වේ.



