කාලගුණය

මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය.

මුහුදු ප්‍රදේශවල සුළං වේගය සහ මුහුදේ ස්වභාවය පිළිබඳ දැනුම්දීමක්

මඩකලපුව සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

එමෙන්ම දිවයින වටා පිහිටි අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකිය.

මුහුදේ ස්වභාවය

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇත. දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.

තවද ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං හමා යා හැකිය.

එවැනි අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව ද සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button