ප්‍රධාන පුවත්

මහර බන්ධනාගාර ගැටුමට තදබදය හේතුවක් බවට චෝදනා

මහර බන්ධනාගාර ගැටුම ඇතිවීමට ප්‍රධාන හේතුව එහි පවතින අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි.

එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේ, බන්ධනාගාරය තුළ පවතින සැබෑ තත්ත්වය වසන් කිරීමට නිලධාරීන් උත්සාහ කරමින් සිටින බවයි.

ඔහු පෙන්වා දුන්නේ මහර බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි උපරිම සැකකරුවන් සංඛ්‍යාව 991ක් වුවද, මේ වනවිට එහි රැඳවියන් 4,447 දෙනෙකු සිටින බවයි.

මෙවැනි අධික තදබදයක් හේතුවෙන් රැඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින බවද නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේය.

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (01) පස්වරු 1.00ට පමණ හටගත් බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම වෙනුවට බන්ධනාගාර නිලධාරීන් පරිශ්‍රයෙන් ඉවත්වීම හේතුවෙන් ගැටුම තවදුරටත් වර්ධනය වූ බවත් ඔහු චෝදනා කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button