අධ්‍යාපන

2025 A/L ප්‍රතිඵල අනුව සරසවි ප්‍රවේශ අත්පොත හෙට මධ්‍යම රාත්‍රීයේ නිකුත් වෙයි

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට (27) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා මේ බව අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තහවුරු කළේය.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව, සිසුන් 176,527 දෙනෙකු (62.64%) සරසවි වරම් ලබාගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රතිඵල මාර්තු 31 වනදා රාත්‍රීයේ නිකුත් කර තිබූ අතර, මෙම වසරේ විභාගයට අපේක්ෂකයින් 281,810 දෙනෙකු සහභාගී වී ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල තවදුරටත් අත්හිටුවා ඇති බවයි. එසේම, සිසුන් 30,000කට අධික පිරිසක් සියලු විෂයන් අසමත් වී ඇති බව ද අනාවරණය වේ.

මෙවර විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් පාසල් සිසුන් සංඛ්‍යාව 7,477ක් (3.38%) වන අතර, පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද එම ජයග්‍රහණය ලබාගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button