ප්‍රධාන පුවත්

ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමට සියල්ල සූදානම්-නියෝජ්‍ය ඇමති

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම සූදානම් මේ වන විට සම්පූර්ණ කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දිස්ත්‍රික්ක රැසක වී ගබඩා මේ වන විට විවෘත කර ඇති අතර, ලැබෙන අස්වැන්නේ ප්‍රමාණය අනුව ඉදිරි කටයුතු සැලසුම් කරගෙන යමින් සිටින බවය.

තවද, පසුගිය කන්නයේදී මිලදී ගත් වී තොග ක්‍රමානුකූලව සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.

 

 

“අද වෙනකොට බොහෝ දිස්ත්‍රික්කවල වී ගබඩා විවෘත කරලා අදාළ අස්වැන්න එන ප්‍රමාණය අනුව  බලල අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි පසුගිය කන්නයේ මිලදී ගත් වී ක්‍රමානුකූලව සහල් බවට පත්කරලා වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළත් ආරම්භ කරලා තියෙනවා. වී වී මිලදී ගැනීමේ ක්‍රියාවලීන් අපි ආරම්භ කරලා තියෙනවා ගබඩා පහසුකම් අපි සකස් කරලා තියෙනවා ඒ නිසා අපිට ඉස්සරහට ගැටළුවක් නෑ.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button