ප්‍රධාන පුවත්

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන් තිදෙනා මියගොස් හමුවෙයි

හුංගම, කලමැටිය වෙරළ තීරයේ දිය නෑම සඳහා ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ සිරුරු අද (31) සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (30) සවස සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස් කාණ්ඩවලට අයත් සිසුන් තිදෙනෙකි.

ඔවුන් දිය නෑමට ගිය අවස්ථාවේ මුහුදු රළවලට හසුව අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වී තිබූ අතර, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සිරුරු හමුවී ඇත.

මියගිය සිසුන් තිදෙනාම හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button