ප්‍රධාන පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 26ක්

 

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් 26ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අද (04) ආරම්භ කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනේ.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාවලට අනුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මේ වනවිට පෙත්සම් 26ක් ගොනු කර ඇත.

එම පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බවයි.

එබැවින් එම විධිවිධාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අමතරව ජනමත විචාරණයකදී ද ජනතා අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button