
ප්‍රධාන පුවත්
මාස 3ක් තුළ නාවික හමුදාවට අල්ලාගත් මත්ද්‍රව්‍ය යාත්‍රා 10ක් – කිලෝ 1,800කට වැඩි මත්ද්‍රව්‍ය
මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් දැඩිව ක්‍රියාත්මක වන බව නවතම හෙළිදරව්වෙන් පැහැදිලිය.
මෙම වසරේ ගතවූ පළමු මාස 3 තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූ මෙරට බහුදින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) දින එක් යාත්‍රාවක් දික්ඕවිට වරායට රැගෙන ආ අවස්ථාවේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් යාත්‍රා තුළින් අයිස්, හෙරොයින්, හසීස් සහ කොකේන් වැනි ප්‍රධාන මත්ද්‍රව්‍ය වර්ග සොයාගත් බවයි.
එම මෙහෙයුම්වලදී කිලෝග්‍රෑම් 1,800කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඒවායේ සමස්ත වීදි වටිනාකම රුපියල් බිලියන 44කට වැඩි බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.



