ප්‍රධාන පුවත්

ඉරණවිල හෝටලයකදී අන්තර්ජාල මූල්‍ය වංචා කල විදෙස් ජාතිකයන් 147ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කියන මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 147 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පිරිස හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක රැඳී සිටියදී පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 13 දෙනෙකු සහ එක් වියට්නාම් ජාතිකයෙකුද ඇතුළත් බවයි.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button