
ප්රධාන පුවත්
මාර්ගගත සහතික පත්ර සේවාව දින දෙකකට අත්හිටුවයි
මාර්ගගත සහතික පත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මාර්ගගත සහතික පත්ර සේවාව අත්හිටුවීමට හේතුව
ඒ අනුව නොවැම්බර් 07 සහ 08 යන දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක කරනු ලබන මාර්ගගත සහතික පත්ර නිකුත් කිරීමේ සේවාව භාවිත කිරීමට නොහැකි වනු ඇත.
අදාළ සේවාවට සම්බන්ධ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් මෙම තාවකාලික අත්හිටුවීම සිදුකරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම නඩත්තු හා යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් නියමිත දින දෙක තුළ මාර්ගගතව සහතික පත්ර සඳහා අයදුම් කිරීමේ සහ ඒවා නිකුත් කිරීමේ සේවාව ලබාගැනීමට නොහැකි වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දෙයි.



