ප්‍රධාන පුවත්

මාදැල් ධීවරයින් අඛණ්ඩව තෙවන දිනටත් සත්‍යග්‍රහයේ

ට්‍රැක්ටරයකට සවිකර ඇති වින්ච් යන්ත්‍ර භාවිතා කර සිදුකරන මාදැල් ධීවර කටයුතු සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

අදාළ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මුලතිව්, කෝකිලායි ඇතුළු ප්‍රදේශ කිහිපයක මාදැල් ධීවරයින් පිරිසක් පෙරේදා (05) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ.

ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව හිමිවූවත්, එය එකඟතාවයකට නොපැමිණ අසාර්ථක වී ඇත.

ඒ අනුව ඊයේ (06) දිනයේදී එම ධීවරයින් පිරිස කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක තම ගැටලු පිළිබඳව දැනුම් දී ඇත.

එමෙන්ම ඊයේ පස්වරුවේ ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවද කිසිදු විසඳුමකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළ ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, මාදැල් නියෝග මාලාවට පිටින් ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් පරිසරයට දැඩි හානි සිදුවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button