ප්‍රධාන පුවත්

මහ බැංකු විදෙස් සංචිත ඩොලර් මිලියන 431කින් පහළට

මහ බැංකු විදෙස් සංචිතවල පහළ යාමක්

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවට අනුව, මැයි මාසයේදී මෙරට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් ලෙස පැවති අතර, ජුනි මාසය වන විට එය ඩොලර් මිලියන 6,450ක් දක්වා පහත වැටී තිබේ.

ඒ අනුව මාසයක් තුළ මෙරට සංචිතවල අමෙරිකානු ඩොලර් මිලියන 431ක අඩුවීමක් වාර්තා වී ඇත.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම පහළ යාමට විදෙස් මුදල් සංචිත සහ රන් සංචිත අඩුවීම බලපා ඇති බවයි.

ජුනි මාසයේදී විදෙස් මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,254ක් ලෙස සටහන් වී ඇති අතර, එය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 6,661ට සාපේක්ෂව ඩොලර් මිලියන 407ක අඩුවීමකි.

එමෙන්ම රන් සංචිතවලද පහළ යාමක් වාර්තා වී තිබේ. මැයි මාසයේදී ඩොලර් මිලියන 216ක් ලෙස පැවති රන් සංචිත, ජුනි මාසයේදී ඩොලර් මිලියන 191ක් දක්වා පහත ගොස් ඇත.

ඒ අනුව මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී මෙරට විදෙස් සංචිත සහ රන් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක් සිදුව ඇති බව මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button