
මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි නෑ
එයාබස් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් නිකුත් කර නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මාධ්‍ය තුළ පළවන වාර්තා තිබුණද ඒ පිළිබඳ නිල දැනුම්දීමක් හිටපු ජනාධිපතිවරයාට ලැබී නොමැති බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේ අධිකරණයෙන් ලබාදීමට නියමිත තීන්දු පිළිබඳ පූර්ව අදහස් දැක්වීම, අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් මෙන්ම අධිකරණයට අපහාසයක් ලෙස සැලකිය හැකි බවයි.
තවද, අල්ලස් කොමිසම රාජපක්ෂ පාර්ශ්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළද, වත්මන් රජයට එල්ල වන ගල්අඟුරු, කන්ටේනර් සහ ඩොලර් වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ප්‍රශ්නසහගත බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කර ඇත.
අල්ලස් කොමිසම මහජන මුදලින් ක්‍රියාත්මක වන ආයතනයක් බැවින් දේශපාලන අරමුණු වෙනුවට සියලු බරපතළ වංචා පිළිබඳ ස්වාධීනව ක්‍රියා කළ යුතු බවත්, මෙවැනි දේශපාලනික ක්‍රියාමාර්ගවලට රාජපක්ෂ පාර්ශ්වය බිය නොවන අතර අවශ්‍ය අවස්ථාවල නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



