
මහානායක හිමිවරුන්ගේ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි
මහානායක හිමිවරුන්ගේ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි
ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (12) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කළේය.
අදාළ ලිපිය මගින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
“මේ ලිපිය හොයා ගන්නත් බැරුව තිබුණේ. යම් ආකාරයකින් මට ලිපිය ලැබුණා. මේ ලිපියේ උන්වහන්සේලා කෙලින්ම..උන්වහන්සේලාට තේරෙනවා රට යන්නේ කොහාටද කියන එක.”
අදාළ ලිපියේ තවදුරටත් සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් සුජීව සේනසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“වර්තමානය වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත.”
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් දක්වා ඇති මතයද එහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
“එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.



