ප්‍රධාන පුවත්

මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමති

මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ මීට පෙර වාර්තා වූ සිද්ධියට වඩා ස්වභාවයෙන්ම වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මීගමුවේ සිද්ධියේදී ගැටුමක් ඇතිව තිබුණේ රැඳවියන් අතර වන අතර, මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හටගෙන ඇත්තේ රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර බවයි.

අද (02) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාර තුළ මෙවැනි සිදුවීම් සංවිධානාත්මකව පිටතින් මෙහෙයවීමක් සිදුවන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බවයි.

බන්ධනාගාරවල තදබදය මෙවැනි ගැටුම්වලට බලපාන සාධකයක් වුවද, එම ගැටලුව වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම පැවති බවද ඔහු පැවසීය. එම තත්ත්වය අවම කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් පොදු දේපොළවලට සිදුකළ හානි සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button