
මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද සිදුකෙරිණි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) පෙරවරුවේ සුබ මොහොතින් සිදුකර තිබේ.
පෙරවරු 6.17ට යෙදී තිබූ සුබ මොහොතින් කප් සිටුවීම සිදුකළ බව වාර්තා වේ.
කප් සිටුවීමෙන් අනතුරුව අද සිට අගෝස්තු 17 වනදා දක්වා දින පහක් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට නියමිතය.
ඉන් පසුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වනදා වීථි සංචාරය ආරම්භ කරන අතර, එය අගෝස්තු 22 වනදා දක්වා පැවැත්වේ.
අගෝස්තු 23 වනදා පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අගෝස්තු 28 වනදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු අවසන් කිරීමට නියමිතය.
එදින පස්වරුවේ දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සාර්ථකව පැවැත්වූ බවට වන පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු පෙරහැර මංගල්‍යය නිල වශයෙන් අවසන් වේ.



