අද විශේෂ

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර ඇරඹෙයි

අවසන් කුඹල් පෙරහැර ලෙසින් 2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වැනි සහ අවසන් කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ.

පස්වරු 06.28ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කළ පෙරහැර ශ්‍රී දළදා වීදිය ඔස්සේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවදීමට නියමිතය.

අද (22) අවසන් කුඹල් පෙරහැර සඳහා සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීමේ ගෞරවය ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ යුවරජු ලෙස සැලකෙන සිංහ රාජා ඇතා විසින් සිදු කරනු ලබයි.

මියන් රාජා සහ පුලතිසි රාජා යන ඇත් යුගලය දෑල ගමන් කරමින් පෙරහැරට එක්ව සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button