
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ අයෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පළ කරමින් අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.



