කාලගුණය

පළාත් කිහිපයකට අද වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button