
ඉරාන නාවිකයින් ආපසු නොයවන්නැයි අමෙරිකානු බලපෑම්.
ගිලී ගිය ඉරාන යුද නෞකාවකින් බේරාගත් නාවිකයින් නැවත ඉරානයට යැවීමෙන් වැළකෙන ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවට Reuters පුවත් සේවය වාර්තා කරයි.
ඉරානයට අයත් යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත එරටට ගෙන්වා නොගන්නා ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය තවදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ රඳවාගෙන සිටින මෙම නාවිකයින් ඉරානය විසින් ප්‍රචාරක අරමුණු සඳහා භාවිතා කිරීමේ හැකියාව අවම කරගත යුතු බවට අමෙරිකාව අවධාරණය කර ඇති බවයි.
පසුගිය බදාදා (04) දින ගාල්ලෙන් නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමා ඇති බවද වාර්තා වේ.
එම සිද්ධියෙන් නාවිකයින් විශාල පිරිසක් මියගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ජීවතුන් අතර සිටි නාවිකයින් 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය.
අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.



