
ප්‍රධාන පුවත්
රත්‍රං ලබාදෙන බව පවසා ලක්ෂ 1800ක වංචාවක්
රත්‍රං කිලෝ 5ක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා විසින් අනුමත කර ඇත.
ඒ අනුව හෙට දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කර තිබේ.
පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රත්‍රං ලබාදෙන බව පවසා මෙම මුදල ලබාගෙන වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.



