විදෙස්

බ්‍රිටිෂ් කොලම්බියා පාසල් වෙඩි තැබීමෙන් 7ක් ජීවිතක්ෂයට

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියෙන් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙමින් පවතින බව සඳහන් වේ.

වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ පාසල තුළ සිසුන් විශාල පිරිසක් සිට ඇති බවත්, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ වහාම පාසල් පරිශ්‍රය වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කළ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම මෙහෙයුමේදී ආරක්ෂක අංශ සිදු කළ ප්‍රතිවෙඩි තැබීමකින් වෙඩික්කරු ද මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button