
ප්‍රධාන පුවත්
බලංගොඩ කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්
බලංගොඩ කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.
බලංගොඩ කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට හේතුව අධිකරණයේ පෙනී නොසිටීමයි
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට ලක්වූ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
එම නඩු විභාගය සඳහා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.
ඒ අනුව, අධිකරණය විසින් බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර ඇති අතර, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් තැබීමට ද නියෝග කර ඇත.



