ප්‍රධාන පුවත්

පොලිස්පති සම්බන්ධ ප්‍රකාශයට සාගර කාරියවසම්ට CID පරීක්ෂණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති අතර, අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සාගර කාරියවසම් මහතා, වත්මන් රජය පොලීසිය අසීරු තත්ත්වයකට පත් කර ඇති බවට චෝදනා කළ අතර, හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුද වත්මන් පාලන කාලය තුළ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දී ඇති බව සඳහන් කළේය.

එමෙන්ම වත්මන් පොලිස්පතිවරයා රජයට නොව ජනතාවට සේවය කළ යුතු බව පවසමින්, එසේ නොවන්නේ නම් මහජන ප්‍රහාරයකට ලක්ව ඉතිහාසගත විය හැකි බවටද ඔහු ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් CID මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනකදී සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු CID වෙත කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button