
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ 16 දක්වා යළි රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ 16 දක්වා යළි රිමාන්ඩ්
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදිනට කැඳවීමට අධිකරණය තීරණය කර ඇති අතර, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.



