
ඩෙංගු රෝගීන් 83,661 දක්වා ඉහළට – අධි අවදානම් කලාප 175ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 83,661 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඩෙංගු ආසාදනය හේතුවෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවේ.
දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 17,779කි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 16,665ක් ලෙස සටහන් වී ඇත.
පළාත් අනුව බලන විට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එය 44,359කි. දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර එහි රෝගීන් 12,586ක් ලෙස සඳහන් වේ.
මේ අතර දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.



