
වෙසක් දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි – PHI සෞඛ්‍ය උපදෙස් සහ නීතිමය ක්‍රියාමාර්ග
එළැඹෙන වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සල් සඳහා ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා පවසන්නේ, දන්සල් පැවැත්වීමට සැලසුම් කරන සියලු පාර්ශ්වයන් තම ප්‍රදේශය භාර PHI නිලධාරියා වෙත දැනුම්දී අදාළ දන්සල ලියාපදිංචි කළ යුතු බවයි.
එම ලියාපදිංචියේදී, දන්සල පැවැත්වෙන ස්ථානය හා දන්සලේ ස්වභාවය පිළිබඳ සවිස්තර තොරතුරු ලබාදීම අත්‍යවශ්‍ය වේ. ලියාපදිංචියෙන් පසු, දන්සල් සංවිධායකයන්ට සෞඛ්‍යාරක්ෂිතව දන්සල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් PHI විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද, ලියාපදිංචි නොකර හෝ සෞඛ්යාරක්ෂිත නියමයන් නොපිළිපදිමින් දන්සල් පැවැත්වීමේ අවස්ථාවලදී, නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.පී බොරලැස්ස මහතා,
“දන්සල පැවැත්වීමට පෙර දිනයේ ඔබ දන්සල පවත්වන ස්ථානය, දන්සල පවත්වන් සුදුසු ස්ථානයක්ද, එම ස්ථානයේ කසළ බැහැර කිරීමට, පානිය ජලය, ආහාර පිසීම සඳහා භාවිත කරන ජලය, සහ උපකරණවල තත්ත්වය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මෙම ස්ථානවල ආහාර පරිහරණය කරන පුද්ගලයින්, ආහාර පිසින පුද්ගලයින්, ආහාර පිළියෙල කරන පුද්ගලයින් ආදී මේ සියලු පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කරනවා. මේ සියලු දේවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන්නේ අපේ ප්‍රජාවට ඔබ දන්සල මාර්ගයෙන් සිදුකරන ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම සඳහා. විශේෂයෙන්ම දන්සල්වල ආහාර පිසීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. සෞඛ්යාරක්ෂිත අමුද්‍රව්‍ය පමණක් ඔබ භාවිතයට ගන්න.”



