ප්‍රධාන පුවත්

නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සංජය සමරසිංහ මහතාට අයත් ගල්කිස්සේ පිහිටි නිවස පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබුණි. එහිදී නිවසේ තිබූ සේප්පුවක් ද නිලධාරීන්ගේ භාරයට ගෙන තිබූ බව සඳහන් වේ.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර, අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button