
ප්රධාන පුවත්
පාස්කු ප්රහාර නඩුව: සුරේෂ් සලේ රඳවාගනිමින් නඩුව මැයි 20 දක්වා කල්යයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ නඩුවේ ප්රගතිය පිළිබඳව මැයි 20 වැනිදා අධිකරණයට වාර්තා කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) දින නියෝග කර ඇත.
මෙම නඩුවට අදාළව රැඳවුම් භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් පවතී.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔහු තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමට අධිකරණය විසින් නියෝග කර ඇත.
ඒ අනුව, මෙම නඩුවට අදාළ පරීක්ෂණ ප්රගතිය මැයි 20 දින නැවත අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.



