උණුසුම් පුවත්

ලොරියක ගැටි 11වියැති සිසුවියක මරුට

කනාදොල ඉලුක්තැන්න මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම අනතුර ඊයේ (06) දහවල් කාලයේදී ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම සිසුවිය රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මියගිය සිසුවිය අලුකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක් වූ දැරියක් බව අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිදුවීම පිළිබඳව ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button