
දිස්ත්රික්ක 2කට රතු නායයෑම් අනතුරු ඇඟවීම
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අවදානම් පිළිබඳ යාවත්කාලීන නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ.
අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) පස්වරු 6.00 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනය අනුව, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ “ඉවත්වන්න” රතු නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එමෙන්ම දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” ඇම්බර් අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය හා බුලත්සිංහල, කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම යන ප්රදේශ සඳහා නිකුත් කර තිබේ.
තවද පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” කහ අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්රදේශ සඳහා බලපැවැත්වෙන බව NBRO සඳහන් කළේය.



