
ජල සැපයුම සීමා වෙයි – දිනකට පැය කිහිපයක් කප්පාදුවක් ඇති විය හැක
රට පුරා පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති 2–3 කාලය තුළ දිනකට පැය කිහිපයක් ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මේ වනවිට නිල වශයෙන් ජල කප්පාදුවක් ආරම්භ කර නොමැති නමුත් පවතින වාතගුණ තත්ත්වය හේතුවෙන් දිනය පුරා අඛණ්ඩ ජල සැපයුම පවත්වා ගැනීම අපහසු විය හැකි බවයි.
තවද, අඹතලේ ඇතුළු ප්‍රධාන ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට තවමත් සැලකිය යුතු බලපෑමක් නොපැමිණ තිබුණද, උස්බිම් ප්‍රදේශ සඳහා ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදු වන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි දිනවල වැසි ලැබේයැයි අපේක්ෂා කරන අතර, පවතින ජල සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අතරම, අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශවලට බවුසර් මගින් ජල බෙදාහැරීම මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.



