
යෝෂිත රාජපක්ෂ නඩුවේ සාක්ෂිකරුවෙකුට එරෙහිව පියවර
යෝෂිත රාජපක්ෂ නඩුව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි
එම අවස්ථාවේදී, බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති සාක්ෂිකරුවෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, එහි සාක්ෂි විභාගය අතරතුර පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවෙකු සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය.
යෝෂිත රාජපක්ෂ නඩුවේ සාක්ෂිය ගැන අවධානය
පාලිත ගමගේ මහතා පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශයට පරස්පර කරුණු අධිකරණය හමුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි ලබාදීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරුව අදාළ සාක්ෂිකරුවා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.



