
ප්‍රධාන පුවත්
ශෂීන්ද්‍රගේ නඩුව සැප්තැම්බරයේ
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති ශෂීන්ද්‍රගේ නඩුව සැප්තැම්බර් 28 වැනිදා විභාගයට කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ විභාගය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට විනිසුරුවරයා නියෝග කළේය.



