
පළාත් සභා මැතිවරණ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නැහැ – අගමැතිනිය
පළාත් සභා මැතිවරණ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නැහැ – අගමැතිනිය
පළාත් සභා මැතිවරණ මුදල් ආපදා සහන කටයුතු සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාගශීලින් ලබාදුන් සියලු මූල්‍ය ආධාර විශේෂ ගිණුමක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවයි.
එම ගිණුම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවත්, එම මුදල් ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව හඳුනාගන්නා ව්‍යාපෘති සඳහා විනිවිදභාවයෙන් යුතුව යොදා ගැනීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම, ඔවුන්ගේ ජීවනෝපාය යළි ස්ථාපිත කිරීම මෙන්ම හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම එම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම සියලු අරමුදල් කළමනාකරණය සහ භාවිතය ඉහළ විනිවිදභාවයකින්, වගවීමෙන් සහ යහපාලන මූලධර්මවලට අනුකූලව සිදුකරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.



