සෞඛ්‍යය

මෙම වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇත

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,115කි.

එම දත්තවලට අනුව අගෝස්තු මාසයේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබේ.

වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 19,825කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,475ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6,726ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 6,066ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 6,013ක් වාර්තා වී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button