උණුසුම් පුවත්

මහනාහිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබී ඇති බව ඇමති නලින්ද කියයි

මහනාහිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබිලා

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කළ බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button