කාලගුණය

නායයාම් අනතුරු ඇඟවීම: මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක කිහිපයකට Level 1 Alert

දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාම් අවදානමක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අදියර 1 යටතේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීම අද (13) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන අතර, සම්බන්ධ ප්‍රදේශවල ජනතාව “විමසිලිමත්ව සිටීම” අත්‍යවශ්‍ය බවද දැනුම්දී ඇත.

ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන කොට්ඨාසද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය හා අඹගමුව කොට්ඨාසද, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර කොට්ඨාසද මෙයට අයත් වේ.

අදාළ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් වැඩිවන්නේ නම් නායයාම් අවදානම ඉහළ යා හැකි බැවින්, ජනතාව අවශ්‍ය පූර්ව සූදානම් කරගෙන අවධානයෙන් සිටීමට බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button