ප්‍රධාන පුවත්

නාමල්ට එක් නඩුවකට ඇප

නාමල්ට එක් නඩුවකට ඇප

නාමල් රාජපක්ෂට ඇප ලබාදීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබේ.

එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම ඇප නියෝගය ලබාදී ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීම තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

මීට අමතරව, නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට ඇප කොන්දේසියක් පනවා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button