ප්‍රධාන පුවත්

නාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව නොවැම්බර් 18ට කල්යයි

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවීම සම්බන්ධයෙන් වන තීරණය ප්‍රකාශයට පත් කිරීම කොළඹ මහාධිකරණය විසින් කල් තබා තිබේ.

නාමල්ගේ ඇප ඉල්ලීම: අධිකරණ තීන්දුව නොවැම්බර් 18ට

ඒ අනුව, අදාළ ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය දින නියම කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button