ප්‍රධාන පුවත්

හොර රන් භාණ්ඩ උකස් කළ ජාවාරම්කරු කොටුවෙයි

ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් කර මුදල් වංචා කළ බවට සැකපිට පුද්ගලයෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු සන්තකයේ තිබී ග්‍රෑම් 08ක් පමණ බරැති සූක්ෂම ලෙස නිර්මාණය කළ ව්‍යාජ කාන්තා රන් මුදුවක් සහ උකස් මධ්‍යස්ථාන කිහිපයකින් මුදල් ලබාගත් බවට අදාළ රිසිට්පත් කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

මූලික විමර්ශන අනුව මෙම ව්‍යාජ රන් භාණ්ඩ මීගමුවේ කුරන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button