
චීන ආනයන වාර්තාගත ඉහළ යාමක්
චීන ආනයන 2026 වසරේදී වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
චීන රාජ්‍ය මණ්ඩල ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එරට වාණිජ අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.
ලෝකයේ විශාලතම භාණ්ඩ වෙළඳ රට ලෙස චීනය ගෝලීය වෙළඳාමේ වර්ධනය සඳහා අඛණ්ඩව සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් සිටින බව එහිදී පෙන්වා දී ඇත.
ලෝක වෙළඳ සංවිධානය විසින් පසුගිය ජූලි මාසයේ නිකුත් කළ 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ගෝලීය වෙළඳ දත්ත අනුව, ලෝක වෙළඳ වර්ධනයෙන් 2.1%ක දායකත්වයක් චීනය ලබාදී තිබේ. එය ගෝලීය වෙළඳාමේ සමස්ත ප්‍රමාණයෙන් 20.3%කට සමාන වේ.
විශාල කාර්මික පද්ධතිය සහ නිෂ්පාදන හැකියාවන් මත පදනම්ව චීනය, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත නිෂ්පාදන උපකරණ ඇතුළු විවිධ භාණ්ඩ විශාල වශයෙන් සපයන බව ද එම නිලධාරීන් සඳහන් කර ඇත.
එමගින් එම රටවල සැබෑ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීමටත්, ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීමටත් සහාය ලැබී ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ චීනයේ ආනයන ප්‍රමාණය 22%කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, මෙම වසර සඳහා චීනයේ සමස්ත ආනයන ප්‍රමාණය ද නව වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව එරට වාණිජ අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම, උසස් තත්ත්වයේ විදේශීය නිෂ්පාදන චීන පාරිභෝගික වෙළඳපොළට වැඩි වශයෙන් ඇතුළුවීමත් සමඟ අදාළ රටවල කර්මාන්ත වර්ධනය සහ රැකියා අවස්ථා වැඩි කිරීමට ද එය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



