
ප්රධාන පුවත්
දෙහිවල අත්බෝම්බ ප්රහාරයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල අත්බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට එල්ල කළ අදාළ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රකාශ ලබාගැනීම ඇතුළු වැඩිදුර විමර්ශන මේ වනවිට පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
පසුගිය 11 වැනිදා අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් එම නිවසට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබුණි.
එම ප්රහාරයෙන් නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17ක් වූ පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි දරුවන්ගේ පියාද රෝහල්ගත කර ප්රතිකාර ලබන බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ අනෙකුත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



