ප්‍රධාන පුවත්

රාජ්‍ය ආයතනවල Single-Use Plastic වතුර බෝතල් භාවිතයට තහනම

රාජ්‍ය ආයතන තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රමවත් කිරීමේ අරමුණින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ද යොමුකර තිබේ.

එම උපදෙස් අනුව, 2026 මැයි 31 වැනිදා සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.

තවද, ආයතන තුළ වෙනත් තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සියලුම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් ලෙස දක්වා ඇත.

මේ සමඟ, පසුගිය වසරේ අප්‍රේල් 2 දින නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන ද තවදුරටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්” සංකල්පය වන Reduce, Reuse, Recycle හෙවත් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය අනුගමනය කළ යුතු බව අවධාරණය කර ඇත.

පරිසර අමාත්‍යංශයේ එකඟතාව මත මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව ද රාජ්‍ය පරිපාලන, පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button