ප්‍රධාන පුවත්

දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අධිකරණ අවසර

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” වෙතින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සඳහා වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවස්ථාව හිමිව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button