ප්‍රධාන පුවත්

දැදුරුඔය හා රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘතයි

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමඟින් තත්ත්පරයකට ඝන අඩි 11,100ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහරින බව ද ඔවුන් සඳහන් කළේය.

අනෙක් පසින්, අද පස්වරු 1.15ට පමණ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 5 බැගින්, තවත් වාන් දොරටු 4ක් අඩි 3 බැගින් සහ ඉතිරි වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර තිබේ.

මෙම ක්‍රියාවලිය හරහා රාජාංගනය ජලාශයෙන් තත්ත්පරයකට ඝන අඩි 8,113ක ජල ප්‍රමාණයක් පිටතට මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button