
ප්රධාන පුවත්
වී අලෙවි මණ්ඩලයේ වී සතොස හරහා සහල් කර වෙළෙඳපොළට
වී අලෙවි මණ්ඩලයේ වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස මගින් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මෙම තීරණය ක්රියාත්මක කරනු ලබන්නේ රජය මගින් වී මිලදී ගැනීමේ ක්රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් 2026 ජූලි 22 වැනිදා පැවති 34 වන ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට නියමිතය.



