ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා/යුරෝපා සංගම් අතර ඒකාබද්ධ කොමිෂන් සභා සැසියක් 12 වනදාට

2026 පෙබරවාරි 12 වැනි දින ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එක්ව සංවිධානය කරන යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය කොළඹදී පැවැත්වීමට නියමිතය.

 

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර එය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ඉහළ මට්ටමේ රැස්වීමේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

 

මෙම ඒකාබද්ධ කොමිසමේ සැසිවාරයට සම සභාපතිත්වය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි මහත්මිය විසින් දරනු ඇත.

 

එමඟින් මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර වත්මන් හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ගත හැකි සහයෝගී ක්‍රියාමාර්ග සහ ඉදිරි පියවර පිළිබඳව පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button